counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 600ක් පෞද්ගලික අංශයට

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබන නොවැම්බර් මාසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
 
ඒ අනුව ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24 අතුරින් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අළෙවි කිරීමට ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 600ක් පමණ ලබා දීමට නියමිත බව ද සඳහන් කළේය. 
 
ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදී අමාත්‍යවරයා එසේ පැවසීය. 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments