counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

කෝටි 5 ක කේරළ ගංජා තොගයක් නොරොච්චෝලෙන් අල්ලයි

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ සැකකරුවන් දෙදෙනකු නොරොච්චෝල ඉලංතඩිය ප්‍රදේශයේ අද (23) අළුයම් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
 
මෙම කේරළ ගංජා තොගය සමග මෝටර් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් නාවික හමුදා භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නාවික හමුදාව පැවසීය.
 
නිවසක් අසළ නවතා තිබූ මෝටර් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, පාර්සල් හැත්තෑ 78 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 155 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ‍නෙකු එම මෝටර් රථය සහ මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් එම ස්ථානයේ තිබී භාරයට ගත් බව පැවසු නාවික හමුදාව සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් බවද සඳහන් කළේය.
 
එම කේරල ගංජා තොගය, සැකකරුවන් දෙදෙනා, මෝටර් රථ දෙක සහ යතුරුපැදි දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද බව ද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය. 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments