අද දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා නොදෙන්නේ නම් අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ නොකරන බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත බලපෑම් කර ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක් වෙන් කරමින් පත්වීම් ලබාදිය යුතු බව හිටපු රාජ්‍ය ඇමැතිවරු එහිදී අවධාරණය කර තිබුණි.
රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබා නොදුනහොත් අයවැයේදී සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැතිවරු දැනුම් දී තිබේ.
ඒ අනුව අද පැවැත්වෙන අයවැය ජන්ද විමසීමට ප්‍රථම මෙම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
0 Comment(s)