counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

පොලිස් ගෞරව මැද "ලිස්ටා" අවසන් ගමන් යයි

මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයුම් රැසකට දායකත්වය දැක්වූ ගාල්ල පොලීසියේ “ලිස්ටා” නමැති නිල සුනඛයා මියගොස් තිබේ.
 
වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සුනඛයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ.
 
සුනඛයා මිය යන විට සුනඛයාගේ වයස අවුරුදු පහයි දින විසි තුනකි.
 
2017 නොවැම්බර් 01 වැනිදා නෙදර්ලන්තයේ උපත ලද ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ මෙම සුනඛයා 2018 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ අංශයට අංක 1371 වශයෙන් බඳවාගෙන ඇත.
 
අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ මූලික පුහුණුව ලැබූ මෙම සුනඛ්‍යා මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරී සඳහා සුවිශේෂී පුහුණුවකට ලක්වූ සුනඛයෙකි.
 
2019 මාර්තු 10 වැනිදා සිට 2019 අප්‍රේල් 11 දක්වා ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පරීක්ෂා කිරීම් සඳහා යොදවා ඇති නිල සුනඛ ලිස්ටා 2019 අගෝස්තු 20 වැනිදා ගාල්ල නිල සුනඛ ඒකකය වෙත ස්ථාන මාරු ලබා පැමිණ ඇත.
 
ඒ අනුව, හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 302 කට යොදවා ඇති ලිස්ටාගෙන් සාර්ථක වූ වැටලීම් ගණන 104 කි.
 
ඊයේ (23) සවස පොලිස් ගෞරව මධ්‍යයේ සුනඛයාගේ අවසන් කටයුතු සිදුවිය.
 
 
 
 
 
 
 
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments