counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Entertainment

"ද නිවුස්පේපර්"  මෙල්බර්න්හිදී හොඳම චිත්‍රපටය අතරට නිර්දේශ වෙයි 

දහතුන්වැනි ඉන්දියානු මෙල්බර්න් සිනමා උළෙලේ (Indian Film Festival of Melbourne) දකුණු ආසියානු කලාපීය රටවල චිත්‍රපට අතුරින් "හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත්‍රපටය" උදෙසා වූ සම්මානය වෙනුවෙන් නිර්දේශ ලැබීමට සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ "ද නිවුස්පේපර්" චිත්‍රපටය සමත්ව ඇත.

මේ සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට සේම, ඉන්දියානු උප මහද්වීපයේ සෙසු රටවලට අයත් චිත්‍රපටද ඇගයීමේ අරමුණින් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සම්මාන උළෙලකි.

2010 වසරේ සමාරම්භය සනිටුහන් කළ ඉන්දියානු මෙල්බර්න් සිනමා උළෙලේ 13 වෙනි අදියරට "ද නිවුස්පේපර්" සමග චත්‍ර වීරමන්ගේ "ආයු" චිත්‍රපටයද සුදුසුකම් ලබා තිබිණි.

එසේම මීට පෙර 2012 දී "ඉගිල්ලෙන මාළුවෝ", 2013 දී "ඉනි අවන්" , 2014 දී 'තණ්හා රතී රඟා" සහ , "මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම්" හා "බෝම්බ සහ රෝස", 2017 දී "දිසදි පත්", 2018 දී "තුන් දෙනෙක්" යන ශ්‍රී ලාංකේය දීර්ඝ චිත්‍රපට උළෙලේ තිරගතව ඇත.

එනමුදු උළෙලේ පිරිනමන සම්මානයක් වෙනුවෙන් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් නිර්දේශ වූ පළමු අවස්ථාව සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර කුළුදුලේ අධ්‍යක්ෂණය කළ "ද නිවුස්පේපර්" හරහා සටහන්වීම විශේෂිතය.

පසුගිය දෙවසර තුළ, ජාත්‍යන්තරව පිළිගත් සිනමා උළෙල නියෝජනය කළ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම චිත්‍රපට 05 ක් ජූරිය විසින් උළෙලේ "හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත්‍රපටය" සඳහා නිර්දේශ කොට ඇති අතර, ඒ අතරට "ද නිවුස්පේපර්" චිත්‍රපටයද ඇතුළත්ව තිබීම කැපීපෙනේ.

ඒ අනුව

** 2022 ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී "හොඳම අන්තර්ජාතික නැතහොත් හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය" ලෙසින් නිර්දේශ වූ භූතානයේ "Lunana: A Yak in the Classroom" චිත්‍රපටය,

**ලෝ ප්‍රකට කාන් සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම ලද පකිස්ථානයේ 'Joyland" චිත්‍රපටය,

**ලොව ප්‍රමුඛතම ඔස්කාර්-කාන්-ලන්ඩන් උළෙලවල නිළ තෝරාගැනීමක් වූ බංගලාදේශයේ 'Rehana Maryam Noor" චිත්‍රපටය,

**ආසියාවේ සුවිසල්ම සිනමා උළෙල වන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී "කිම් ජිසෙයිඕක්" සම්මානය සඳහා නිර්දේශ වූ බංගලාදේශ- ඉන්දියා සම නිෂ්පාදනයක් වූ No Land's Man" චිත්‍රපටය,

** ෆිඇප්ෆ් අනුමත ඉන්දියාවේ බෙංගලූරු සිනමා උළෙලේ හොඳම දෙවෙනි ආසියාතික සිනමාපටයට හිමි සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ "ද නිවුස්පේපර්" චිත්‍රපටය,

මේ සම්මානයට නිර්දේශිත සෙසු චිත්‍රපට වේ.

මෙහිදී ඔස්කාර් හා බැෆ්ටා සම්මාන සඳහා නිර්දේශ වූ සංස්කරණ ශිල්පී ජිල් බිල්කොක්ද ඇතුළත් වූ ජාත්‍යන්තර ජූරියක් විසින් එළෙඹෙන 14 වෙනිදා පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාගී චිත්‍රපටය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කරන් ජොහාර්, අභිෂේක් භච්චන්, අනුරාග් කාෂ්‍යප්, අපර්ණා සෙන්, තමන්නා භාටියා, තාප්සේ පන්නු ආදී ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය චරිත බෝහෝමයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙලි හා චිත්‍රපට නිෂ්පාදක අසංක දොඩංතැන්න සහභාගි වීමට නියමිතය.

"ද නිවුස්පේපර්" අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයකි.

The Newspaper - Breathing new life into Lankan cinema - The Morning - Sri  Lanka News

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments