උඩරට වතුකරයේ ජනතාව සඳහා ඉන්දීය රජයේ ආධාර මත නව වතු නිවාස 10000 ක් කඩිනමින් වතුකරය තුළ ආරම්භ කිරීමට සැළැසුම් කොට ඇති බවත්, එම නිවාස දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති භේදයකින් තොරව වතු කම්කරුවන්ට නිසි පරිදි ලබාදීමට පියවර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.
අභියෝගවලට නොබියව මුණදිය යුතු බවද අභියෝගවලට බියෙන් කේෂ්ත්‍රයට නොගොස් වැඩ කල නොහැකි බවත් තමා අමාත්‍යධුරය භාරගනු ලැබුවේ ආශාවට නොව ජනතාවට සේවය කිරීම සඳහා බවද හෙතම කීය.
පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ඌව පළාතට තරඟ කරන අපේක්ෂකයන් සමග බණ්ඩාරවෙල නගර ශාලාවේදී අද (06) පැවැති රැස්වීමේදී අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
මැතිවරණ ප්‍රචාරක කටයුතු අපේක්ෂයක් විසින් ඉතාමත් නීති ගරුක ලෙස හා ශිෂ්ඨ සම්පන්නව සිදු කළ යුතුයි. මම දේශපාලනයට ආවේ ජනතාවට සේවය කරන්න. මට මල් මලා පළන්දවා පිළි ගන්න අවශ්‍ය නැහැ. එම මල් මාලා අරන් ගිහින් ආගමික ස්ථානවලට දාලා ආශිර්වාද ලබා ගන්න. මේ මැතිවරණයෙන් පස්සෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම තමයි ජනාධිපති විදිහට ඉන්නේ. ඒ වගේම අගමැති විදිහට දිනේෂ් ගුණවර්ධන මහතා තමයි ඉන්නේ. කැබිනට් මණ්ඩලයේ වෙනසක් වන්නෙත් නැහැ. මම මැතිවරණ විරෝධියෙක් නෙවෙයි. නමුත් මේ අවස්ථාවේ තියනවනම් තියෙන්න ඕනෑ ජනාධිපතිවරණයක්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වු පසු රනිල් හා සජිත් යන දෙදෙනාටම ජනාධිපති ධුරයේ වැඩභාර ගන්න කතා කලා. එහෙත් එම අභියෝගය භාර ගත්තොත් තම දේශපාලන අනාගතය අහිමි වන බව ඔවුන් දෙදෙනාම දැනගෙන සිටියා. නමුත් සජිත් පසු බැස්සා. රනිල් ඒ අභියෝගය භාර ගත්තා. මීට මාස හයකට කලින් රටේ තිබුණ තත්ත්වය දැන් නැහැ. ඒවා ඒක රැයකින් වෙනස් කල නොහැකි දේවල්. කඩන්න පහසුයි. හදන්න අමාරුයි.ඉන්දියාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් අපිට උදව් කරනවා. ජාත්‍යනතර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සඳහා සියලුම කටයුතු සිදු කොට තිබෙනවා. ඉදිරියේදී රටේ තත්ත්වය යහපත් අතට හැරී ජනතාවට සහණ ලැබේවී යයි කීය.
0 Comment(s)