counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Sport News

ධනුෂ්ක ගුණතිලකට දෙවැනි ඇප ඉල්ලීමක්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව සිරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව, එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතය. 
 
එහිදී ආරක්ෂක කවුන්සිලය විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
සිඩ්නි නුවර විවර්ලි අධිකරණය ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.
 
ඒ අනුව ඔහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments