එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 08 අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට නියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද (02) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට එම පොහොර ගොඩ බෑම ආරම්භ කර තිබේ.
මේ අතර, මෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට දින (03) සවස සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.
මෙම බණ්ඩි පොහොර තොගය නිලවශයෙන් බාර ගැනීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ලබන 5 වැනිදා පස්වරුවේ කොළඹ වරායේ දී සිදු කෙරේ.
එම පොහොර තොගය බාර දීම සිදු කිරීමේ අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත Hannah Singer මහත්මිය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්ම මහත්මීහුගේ සහභාගි වීමට නියමිතයි.
0 Comment(s)