හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
පරිපාලනය පැවරීමේදී මතුවන ගැටළු සහ අනෙකුත් රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නිවේදනය පවත්වා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
0 Comment(s)