counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 24.02℃ Mumbai, India
news-details
Sport News

ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (10) ගුවහාටි හි බර්සපාරා ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.
 
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
 
පන්දුවාර 20යි 20 සංචිතයට ඇතුළත් නොවූ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි, ලෝකේශ් රාහුල්, මොහොමඩ් ශාමි, ශ්‍රෙයාස් අයියර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්දීය එක්දින සංචිතයට ඇතුළත් වේ.
 
කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ, මීට පෙර ඉන්දීය සංචිතයට නම්කර සිටි ජස්ප්‍රිත් බුම්රා එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන බවය.
 
මේ අතර ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප්‍රනාන්දු එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
 
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින තරග 162න් ඉන්දියාව තරග 93ක් ජයගෙන ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය. 
 
ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන ඇති අතර තරග 11ක් අවසන් වූයේ තීරණයකින් තොරවයි.
 
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක් දින තරග 10 න් තරග 6ක් ජය ගෙන සිටි.
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments