counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

දෙවන එළිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උළෙල අද

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
 
ඇයගේ රාජකීය අවමංගල්‍ය උත්සවය බ්‍රිතාන්‍යය වේලාවෙන් පෙ.ව. 11:00 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.
 
ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා එරටට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියද ඊයේ (18) දිනයේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට එකතුවුණා.
 
දින ගණනාවක් පුරා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු දේහය අවසන් කටයුතු සඳහා ආගමික මෙහෙයන් සිදු කිරීමෙන් පසු වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයේ දේව මෙහෙය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී 2,000 වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
 
දේව මෙහෙයෙන් පසු රැජිනගේ දේහය ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි වෙලින්ටන් ආරුක්කුව වෙත රැගෙන යනු ඇති අතර වින්ඩ්සර් කාසල්හි දේවස්ථානයක අවසන් කටයුතු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments