counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 24.02℃ Mumbai, India
news-details
Local News

බත්තුළුඔයේ ගසාගෙන ගිය බවුසරය පැය 5ක මෙහෙයුමකින් පසු ගොඩට

බත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළු ඔයට වැටී ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය දැවැන්ත දොඹකරයක් ආධාරයෙන් පැය 05 ක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට හැකිවූ බව මුන්දලම පොලිසිය පවසයි. 
 
අදාළ ඉන්ධන බවුසරය ඊයේ (24) අලුයම කිසියම් හේතුවක් නිසා රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මෙසේ බත්තුළුඔයට ඇද වැටී තිබු අතර ඉන්පසුව ගසාගෙන ගොස් බත්තුළුඔය දුම්රිය මාර්ගයේ පාලමේ සිරවී නැවතී තිබුණි. 
 
මෙම අනතුරින් රියදුරු කිසිදු තුවාලයක් හෝ නොමැතිව දිවි බේරා ගෙන තිබේ. 
 
කෙසේ වෙතත්, ඉන්ධන බවුසරය ගොඩ ගැනීමට පුත්තලමේ මේ වන විට ඇති දැවැන්තම දොඹකරය ගෙන ඒමට මුන්දලම පොලිසිය කටයුතු කර තිබු අතර පැය 05 ක පමණ කාලයක දී විශාල වෙහෙසක් දරා ඉන්ධන බවුසරය ගොඩට ගැනිණි.  
 
මේ සදහා තවත් විශාල පිරිසකගේ සහාය පොලිසියට ලැබුණු බව මුන්දලම පොලිසියේ නිළධාරින් පැවසීය.
 
 
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments