ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනකින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොන්ටෙරි පාර්ක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.
වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකක වන අතර ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලබා ඇත.
වෙඩි තැබීම් සිදුකළ සැකකරු අත් අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත්විය.
තුන්වෙනි වෙඩි තැබීම අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රාන්තයේ සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනකු තුවාල ලබා ඇත.
මියගිය සිසුන් දෙදෙනා 16 ත් 18 ත් වයස්වල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූ තුන්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පවසා ඇත.
0 Comment(s)