counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Sport News

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
 
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් වුණා.
 
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක්, පැතුම් නිස්සංක ලකුණු 33 ක්, චරිත් අසලංක ලකුණු ලකුණු 37 ක් හා දසුන් ශානක ලකුණු 56 ලබා ගත්තා.
 
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2 ක්, Umran Malik කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් වුණා.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 190 ක් පමණයි.
 
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂන්ක කඩලු 2 ක් හා වනිඳු හසරංග, චාමික කරුණාරත්න හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments