counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

ඩුබායි ගෘහ සේවයට ගිය කතුන් 85ක්  රැඳවුම් කඳවුරක සිර කරලා 

ඩුබායිහි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ ලාංකික කතුන් අසූ පස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බව එම කාමරයේ අනෙක විධ දුක් කම්කටලු මැද දිවයිනට පැමිණි කාන්තාවක හෙළි කර තිබෙනවා.

දඹුල්ලේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය දඹුලු ඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී නමැති එම  කාන්තාවක ඩුබායි හි රැදවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට ඉකුත් දා මෙරටට පැමිණියාය.

තමා අත්විඳි එම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලීසියට මෙන්ම විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්න ද මෙතෙක්  කිසිදු සාධාරණයක් සිදුවී නැති බව පවසන්නීය.

දඹුල්ල ප්‍රදේශයේ  පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප්‍රියන්ති මහත්මියද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳව ද හෙළිදරව් කළාය.

මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කදවුර සිර කරගෙන සිටියදී තම දුවා දරුවන් විශාල මුදලක් ණයවී තමා මෙරටට ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී මහත්මිය සඳහන් කර සිටියා ය,

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments