counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
 
මෙවර තරගාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළේය.
 
ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අතර 06 වනදා මහේල ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව ඇත.
 
එතැන් පටන් තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බවද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments