counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

සත්කාරක කටාරය පරදා පළමු ජය ඉක්වදෝරයට

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. 
 
මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.
 
පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරගයෙන් සත්කාරක කණ්ඩායම පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගතවිය.
 
තරගය ආරම්භයෙන් මිනිත්තු 3 ක් ගතවද්දීම ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සීයා ගෝලයක් වාර්තා කළද වීඩියෝ පුනරූපන ( VAR) මගින් එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තහවුරු කළේය.
 
නමුත් මිනිත්තු 16 ක් සම්පූර්ණ වද්දීම ඉක්වදෝරයට ලැබුනු දඩුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියා සමත්වූයේ පළමු ගෝලය කණ්ඩායමට ලබා දෙමිනි.
 
තවත් මිනිත්තු 15 ක් ගතවද්දී හිසෙන් එල්ල කළ පහරක් දක්ෂ ලෙස ගෝලයක් බවට පරිවර්තනය කිරීමට එනර් වලෙන්සියා සමත්වූයේ දෙවැනි ගෝලයද ඉක්වදෝරයට ලබා දෙමිනි. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 2-0 ක් ලෙස ඉක්වදෝරය ඉදිරියෙන් සිටිමිනි.
 
දෙවැනි අර්ධයේදීද ඉක්වදෝර් කණ්ඩායමට ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක් මග හැරිණි. ඒ අනුව තරගය නිමා වූයේ ගෝල 2-0 ක් ලෙසින් ඉක්වදෝරයට ජය හිමි කරදෙමිනි. මෙම තරගය නැරඹීමට හැටදහසක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අල් බයිට් ක්‍රීඩාංගණයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments