counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Entertainment

අමිතාබ් රඟපෑ වීඩියෝවක් සමග සංස්කරණය කළ යොහානිගේ ගීතය ගැන අමිතාබ්ගෙන් විශේෂ Twitter සටහනක්අමිතාබ් ර

සුපිරි බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇත.

එය අමිතාබ් බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

තමන් රඟපෑ කලියා චිත්‍රපටයේ “Jahan teri ye nazar hai” ගීතයේ වීඩියෝව සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” සමඟ සංස්කරණය කරන ලද වීඩියෝ පටය අමිතාබ් බච්චන් විසින් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වීඩියෝ පටය සංස්කරණය කළේ තම මිණිබිරිය නව්‍යා නවේලි බවත් ඔහු එයට ඉතා කැමති බවත් අමිතාබ් බච්චන් සඳහන් කරනවා.

“මැණිකේ මගේ හිතේ” යන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් වන සතීෂාන් රත්නායක සහ යෝහානි ද සිල්වා විසින් ගායනය කරන ලද ගීතයක්.

ඇදහිය නොහැකි ශ්‍රී ලාංකික ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” ගීතයට මා රඟපෑ කාලියා චිත්‍රපටයේ ගීතයක දර්ශන සංස්කරණය කරමින් මාගේ මිණිබිරිය වන නවියා නැවෙල් විසින් සකස් කරන ලද වීඩියෝව.. මුළු රැය පුරාම මේ ගීතය රසවින්දා… එයට සවන් දීම නැවැත්විය නොහැක,” යනුවෙන් අමිතාබ් බච්චන් විසින් සිය Twitter ගිණුමේ සටහන් කර තිබෙනවා.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments