counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • ℃ Mumbai, India
news-details
Local News

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

මින් ඉදිරියට ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
 
ඒ අනුව, දැනට පවතින විද්‍යාපීඨ 19 ම එකතු කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවා ඒ හරහා වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව සහිත ගුරුවරුන් බිහිකරන බව ඔහු සඳහන් කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
 
"අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ, අවසන් වතාවට මේ විභාගය තියලා ගන්නේ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ, පීඨ 19 එකතු කරලා නිර්මාණය කරනවා National University of Education එකක්. මේකේ අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පස්සේ තමා පන්තියට යවන්නේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පසුව."
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments