counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

ලැබූ ජයග්‍රහණයට සෞදි පාපන්දු කණ්ඩායමට සුවිශේෂී තෑග්ගක්

2022 ලෝක කුසලානයේ දී ආර්ජන්ටිනාවට එරෙහිව තරඟය ජය ගැනීමෙන් පසු සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් (MbS) කුමරුගෙන් ක්‍රීඩකයින්ට සුවිශේෂී තෑග්ගක් ලබාදෙන බවට කතාවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදු වූ සුවිසල්ම පෙරළිය සිදු කරන්නට සෞදි අරාබියානු පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ පාපන්දු ලොව දැවැන්තයකු ලෙස සැලකෙන ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙසින් පරාජය කරමින්.

සෞදි අරාබියානු කණ්ඩායම සහ ආජන්ටිනා කණ්ඩායම අතර තරගය ආරම්භයේ දී ලෝක කුසලාන සජීවී වෙබ් අඩවිය තරගයේ ජයග්‍රහණ ප්‍රතිශතය වාර්තා කරනු ලැබුවේ ආජන්ටිනාවට 88% ක අවස්ථාවක් සහ සෞදි අරාබියට 12% ක අවස්ථාවක් ඇති බව පෙන්වා දෙමින්.

තරගයේ පළමු ගෝලය දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලයනල් මෙසී විසින් ලබාගත් අතර එය වාර්තා වූයේ තරගයේ දහ වැනි විනාඩියේදී යි.

ඉන් අනතුරුව දෙපිලම තියුණු තරග රටාවක ට පිවිසුණු අතර තරගයේ 48 වැනි විනාඩියේ දී සාලෙ අල්ශෙහාරි විසින් සෞදි අරාබි කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලා.

අනතුරුව හරියටම එයින් විනාඩි 5කට පසුව සලීම් අල්දවසාරී සවුදි අරාබියානු කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කර ගත්තේ සිය කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින්.

කොහොම නමුත් මෙලෙස ලද ජයග්‍රහණයත් එක්ක, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරුගෙන් ආර්ජන්ටිනාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ සෑම සෞදි අරාබි ක්‍රීඩකයෙකුටම රෝල්ස් රොයිස් ෆැන්ටම් මෝටර් රථයක් තෑග්ගක් ලෙස ලබා දීමට තීරණය කර ඇති බවක් සමාජ මාධ්‍යය වාර්තාවල සඳහන් කරනවා. ඒ ට්විටර් මාධ්‍යය හරහායි.

කෙසේ නමුත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය හෝ ඒ පිළිබඳව නිල නිවේදනයක් මෙතෙක් වාර්තා වී නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ....

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments