counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Sport News

දකුණු අප්‍රිකානු 20 - 20 ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් 

දකුණු අප්‍රිකාවේ විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් ඊයේ කේප් ටවුන් නගරයේදී (20) පැවති ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්ව මිලදී ගෙන තිබෙනවා.  
 
Pretoria Capitals කණ්ඩායම කුසල් මෙන්ඩිස්ව ලක්ෂ 85කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති අතර දිල්ෂාන් මධුසංකව Durban Super Giants කණ්ඩායම විසින් ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලකටයි. 
 
මේ අතර මහීෂ් තීක්ෂණව Johannesburg Super Kings කණ්ඩායම විසින් තවදුරටත් රඳවාගෙන සිටිනවා. 
 
වෙන්දේසියට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉදිරිපත් කර තිබුණි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments