counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක්

ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් එහි සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කිරීම හෝ එකතු නොකිරීම පිළිබඳව තීරණය කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව මව්වරුන් කරුණු විමසන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දුන් ත්‍රිපෝෂ නැවත එකතු කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බව එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළා.

මේ අතර ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ පැණයකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියා

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ පවතින ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද සඳහන් කළා

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කෙරුණ බවත් එහිදී ඇෆ්ලටොක්සීන් රසායනයේ යම් යම් වෙනස්කම් ඇතිවන්නට ඇති බවත් ඔහු කියා සිටියා.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments