counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

ලබන වසරේ සිට සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට පියවර

වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට 
ක්‍රියාත්මක කරන බව, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
 
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය වන අද (24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් කනක හේරත් මහතා මේ බව පැවසීය.
 
යුනික් අයි. ඩී . නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය තාක්ෂණ අමාත්‍යංශය යටතේ, ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විශාලම ව්‍යාපෘතිය බවද තාක්ෂණ අමාත්‍යවරයා සඳහන් කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය හරහා, රජයේ සේවා ගණනාවක් කාර්යක්ෂම වන බවයි.පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය මේ හරහා ඩිජිටල්කරණය වේ.
 
රුපියල් බිලියන 12ක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන අතර මේ සඳහා ඉන්දියානු අධාර ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
 
ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබේ.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments