වකුගඩු ආශ්‍රිතව ඇතිවන මුත්‍රාගල් ඉවත් කිරීමේ යන්ත්‍රය සති 6ක කාලයක සිට කොළඹ ජාතික රෝහල තුළ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
දිනකට වකුගඩු ආශ්රිත මුත්‍රාගල් ඉවත් කිරීම රෝගීන් 12 දෙනෙකුගේ පමණ සිදුකරන නමුත් සති 6ක කාලයක සිට රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් රැඳී සිටින බව සංගමයේ ලේකම් ඈපා ධර්මකීර්ති සඳහන් කළේය.
යන්ත්‍රයේ කොටස් කීපයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම යන්ත්‍රය අක්‍රීය වී ඇති බවත් එම කොටස් කීපය නැවත ලබා දීමට යන්ත්‍රය නඩත්තු කරන සමාගම මගහැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් ලේකම්වරයා කීවේය.
උපාංගවල මිල ඉහළ යාම හේතුවෙන් වසරකට සේවා සැපයීම සහ නඩත්තුව සඳහා රුපියල් මිලියන 19ක මුදලක් අදාල සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර මින් මිලියන 5ක් නඩත්තුව සඳහා පමණක් ඉල්ලා තිබේ.
0 Comment(s)