ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ.
ඒ, ට්‍රම්ප් පවුල ඔවුන් විසින් පිහිටුවනු ලැබූ අරමුදල්වලින්, මුදල් ලබා ගෙන ඒවා ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගත් බවටය.
මීට පෙර ද අවස්ථා කීපයකදී ට්‍රම්ප්ට සහ දරු තිදෙනාට මෙවැනි චෝදනා එල්ල වී තිබුණි.
කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක්”ලෙස මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.
වසර තුනක සිවිල් විමර්ශනයකින් පසුව, ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨතම නීතීඥවරිය වන නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් මෙම නඩුව ඉදිරිපත් කර තිබෙනවා.
0 Comment(s)