තලේබාන් සංවිධානය ඔවුන් විසින් දේශීයව නිපදවූ මෝටර් රථයක් එළිදක්වා තිබේ.
තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ප්‍රථම දේශීය නිෂ්පානදනය වන සුපිරි මෝටර් රථය හඳුන්වා දුන්නේ Mada 9 ලෙසිනි.
එම මෝටර් රථය මෑතකදී එළිදැක්වූ නමුත් එය තවමත් මූලාකෘති මට්ටමේ පවතී.
ENTOP සහ Afghanistan Technical Vocational Institute (ATVI) හි ඉංජිනේරුවන් 30 දෙනෙකු පමණ මෙම නිෂ්පාදනයට නායකත්වය දෙන ලදී.
Mada 9 නවීකරණය කරන ලද Toyota Corolla එන්ජිමකින් බලගන්වයි. කාර්ය සාධන සංඛ්‍යා තවමත් අනාවරණය වී නැතත් පසුකාලීනව, ENTOP Mada 9 විද්‍යුත් පවර් ට්රේනයක් සමඟ ගැලපීමට නියමිත බව වාර්තා වේ.
තලේබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් බකී හකානි ප්‍රකාශ කළේ මෙම මෝටර් රථය තම ජනතාවට ආගම සහ නවීන විද්‍යාවන් ලබා දීමට තලේබාන් පාලනයේ කැපවීම ඔප්පු කරන බවයි.
ENTOP හි ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් රීසා අහමඩ් පවසන්නේ සුපිරි මෝටර් රථය “දැනුමෙහි වටිනාකම ජනතාව වෙත ගෙන යනු ඇති” බවත් එය ලෝක වේදිකාවේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවත්ය.
0 Comment(s)