ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව පසුකරමින් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ රට තුළ දේශපාලන ස්ථාවර භාවයක් ඇති කිරීම හරහා අර්බුදයේ හැරවුම් ලක්ෂයක් අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇණහිට ඇති එකගතා සාකච්ඡා යළි සක්‍රීය කර අවසන් එකගතාවයක් ඇති කර ගැනීමට ඉන් ඉඩකඩ විවර වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කලා.
0 Comment(s)