counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම අද සුපුරුදු පරිදි

සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම අද (25) නියමිත පරිදි සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
 
ඒ අනුව, රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණි වල වැටුප් මෙලෙස අද ලබාදීමට නියමිතයි.
 
මේ අතර, මුදල් අමාත්‍යාංශය පෙරේදා සඳහන් කළේ, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවන අතර, ඇතැම් විට විධායක සේවකයන්ගේ වැටුප ගෙවීමට දිනක් පමණ ප්‍රමාද විය හැකි බවයි.
 
කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පස්වරුවේ සඳහන් කළේ, අද දිනයේ සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවයි.
 
 
 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments