counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

කර්කිව් ප්‍රදේශයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනකු බේරාගත් බව යුක්රේන ජනපති කියයි

යුක්‍රේනයේ කර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.
 
රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට එම ශ්‍රී ලාංකිකයන් 7 දෙනා රඳවාගෙන සිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්‍රකාශ කර ඇත.
 
බේරාගත් පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments