counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Political News

පොහොට්ටුවේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ට යළිත් එම අමාත්‍යධූර ලබා දෙන්න - පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි 

පොහොට්ටුවේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ට යළිත් එම අමාත්‍ය ධූර  ලබාදෙන ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මේ බව මාධ්‍ය ඉදිරියේ යළිත්  ප්‍රකාශ කළේය.

පොහොට්ටුවෙන් මෙම ඉල්ලීම ලැබී ඇත්තේ හෙට දිනට පෙර කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සැලසුම් කර ඇති පසුබිමකය.

තවමත් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව හා විෂය පථය පිළිබඳ නිශ්චිත එකඟතාවයකට එළඹීමට නොහැකි වී ඇත්තේ මෙම අභ්‍යන්තර අර්බුදය නිසා බව පැවසේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් නම් කර ඔවුන්ට ඇමති ධූර ලබා දෙන ලෙස පොහොට්ටුව මින් පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබිණි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments