ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අඩු වියදම් නව ගුවන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අඩු වියදම් නව ගුවන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් ආරම්භ කෙරුණා.

ජෙට් ස්ටාර් ( Jet Star) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ඒ අනුවයි.

ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලයේ ෙ 06 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා ( Water Salute ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර , ගුවන් තොටුපොළ තුළ උඩරට නර්තන ශිල්පීන් විසින් නර්තනයක් ඉදිරිපත් කරමින් පිළිගැනීමේ කටයුතු සිදුකළා.

සතියකට දින 05 ක් එනම් සදුදා , බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානය යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා යළි පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා , ගුවන් ගමන් ගාස්තුව ලෙස රුපියල් 140,000 ක් අය කෙරෙන බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප්‍රකාශ කළා.

මෙම ගුවන් යානයෙන් අද දහවල් 11.30 ට ගුවන් මගීන් 178 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් 06 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.