සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ  www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සඳහන්ය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3525 කදී පාසල් අයදුම්කරුවන් 387648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65331 ක් වශයෙන් මුලු අයදුම්කරුවන් 452979 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.