හෝමාගම නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

හෝමාගම නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථා වලදී පැමිණ ඇති සැකකරැ ” උඹ නාන්නේ නෑ නේද ? නෑවේ නැත්නම් ගිනි තියනවා ” මෙයට පෙර පවසා ඇති බවත් ඒ අනුව ඊයේ (29) රාත්‍රි කාළයේදී ඒ ආකාරයෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවත් පැවසේ.

එම අවස්ථාවේදී ම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බවත් පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි එම ඝාතනය සිදුකල බවට සැකපිට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත