සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි
කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන මියගොස් තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මෙම දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇතැයි ළමා රෝහලේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
ඉකුත් 15 වැනිදා මෙම නිවුන් දරුවන් බිහිකර තිබුණේ රාගම ප්රදේශයේ පදිංචි මවක්.